අප දන්නා ඉතිහාසය නිවැරදි ද? (දෙවන කොටස)


දඩයක්කාර යුගයේ මිනිසා හැමදාම දඩයක්කාරයෙක් විදියට හිටියද? වේලියෝවේ හල්දුම්මුල්ලේ මහ කැලේ  ගල්ගුහාවක් හෑරීමෙන් සොයාගත් සාක්ෂි වලින් පෙනී යන්නේ අර දඩයක්කාරයා හැමදාම දඩයම් කර කර ඉඳලා නෑ. මේ ගල්ගුහාව අවුරුදු 6000 කට කාල නිර්ණය වෙලා තියෙනවා. එහි තිබූ ඇඹරුම් ගල් සහ වළං කැබලි වලින් පෙනී යනුයේ දඩයක්කාර යුගයේ මිනිසා කෙමෙන් කෘෂිකර්මාන්තය දෙසට යොමු වී ඇති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් 17000 ක් තිබී තියෙනවා. ඒ අය ගින්දර නිෂ්පාදනය කරා. ඒ ගොල්ලෝ යම්කිසි පරිවර්තනයක් ඇති කර ගත්තා. අපේ රටේ දේශීය වී වර්ග 3000 ක් තිබිලා තියෙනවා.

අවුරුදු 5000 කට පමණ ඉහතදී අප ඇට වර්ග ආහාරයට ගෙන තිබෙනවා. සර්ප වෙදකමයි, ඇස් වෙදකමයි, අස්ති වෙදකමයි අපේ රටේ ඉතාම ඉහළට තිබිලා තියෙනවා. සැලිසිලික් ඇසිඩ් කියන්නෙ ඇස්ප්‍රින් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංඝටකය. අවුරුදු 50000 කට කලින් නියැන්ඩර්තාල් එන්සිස් ඇස්ප්‍රින් පාවිච්චි කරලා තියෙනවා. දත් වේදනාවට පිළියමක් වශයෙන් මොවුන් ඒවා භාවිතා කරලා තියෙනවා. පෙනිසිලීන් අරන් තියෙනවා ප්‍රතිජීවකයක් විදියට. ලංකාවට අවුරුදු 125000 කට කලින් ගොඩබැහැපු මිනිහා දඩයක්කාරයෙක් වුනාට පහුගිය අවුරුදු 4500 ක කාලය වනවිට ඒ මිනිහා සංගීතය උත්පාදනය කරන්න පුලුවන් වෙන විදියට තමන්ගේ චින්තනය හැඩගස්වා ගෙන තිබෙනවා.

එකල දරුවකු පිළිසිඳගත් බව දැන ගැනීමට කරනුයේ ඒ ළමයගෙන් මුත්‍රා සාම්පල් එකක් ඉල්ල ගන්නවා, හවසට ඒ මුත්‍රා සාම්පලයට සමාන වතුර තව භාජනයකට දාලා එකම තැනකින් ගත්ත අබ ඇට සමාන ප්‍රමාණ වතුර එකටයි මුත්‍රා සාම්පල වලට වෙන වෙනම දාලා වහලා තියනවා, පහුවෙනිද උදේට ඒක විවෘත කරලා බලලා වතුරෙ තිබ්බ ඇට පැළවෙන්න උත්සාහ දරන අතරේ මුත්‍රා සාම්පලයේ අබ ඇට වල කිසිඳු වෙනසක් නොවී ඇත්නම් ඇයට පිළිසිඳ ගැනීමක් සිදු වෙලා තියෙනවා, එසේ නොමැතිව මුත්‍රා සාම්පලයේ ද ඇට පැළ වීමට උත්සාහ දරා ඇති බවක් දක්නට ලැබුනේ නම් ඇයට දරුවකු පිළිසිඳ ගැනීමක් නොමැත. එතැන් පටන් ඈ ගැබ්බර සිරියාවියයි. මේ සියල්ලම ඉබේ පහළ වූවන් නොවන බව වැටහේ. අවුරුදු 9000 කට ඉහතදී පවා අපේ මුතුන් මිත්තන් රොටී හදලා ආහරයට ගෙන තිබෙනවා. ලෝකයේ පැරණිතම යකඩ නිෂ්පාදනය සතු සාක්ෂි අප සතුව පවතී. ඒ කියන්නේ ගල් යුගය අවසන් වුනේ ගල් ඉවර වෙලා නෙවෙයි.


සමාප්තයි.

Comments

Popular Posts