අප දන්නා ඉතිහාසය නිවැරදි ද? (පළමු කොටස)


හෝමෝ සාපියන්වරු මීට අවුරුදු 150000 කට පෙර අප්‍රිකාවෙන් පිටත්වෙලා මුළු ලෝකයම ජනාවාස කරා. හෝමෝ සාපියන්ලා ජනිත වීම පිළිබඳ සාධක මෙතෙක් ලැබී තිබෙන්නේ අප්‍රිකාවෙන් පමණයි. එබැවින් හෝමෝ සාපියන්වරු පිළිබඳ පැරණිතම සාක්ෂි අපට ලැබෙන්නේ අප්‍රිකාවෙන්ම පමණයි. ඒ අප්‍රිකාවෙන් පිටත්වුනු මේ මානවයෝ එක කොටසක් ගියා යුරෝපෙට, තව කොටසක් ගියා ස්ටෙප්ස් තණ භූමි පැත්තෙන් රුසියාවට, අනිත් අය ආසියාව පැත්තෙන් ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කළා.

මිනිසාගේ විකාශනය ඇරඹෙනුයේ මීට වසර මිලියන 3 කට ඉහත දීය. ඇයි අපිට උණ්ඩුකපුච්චයක් හැදිලා තියෙන්නේ? උණ්ඩුකපුච්චයේ ඉන්නේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාවෝ. මොකද අපිට සෙලියුලෝස් ජීරක බැක්ටීරියාවෝ ඕන වුනේ අමු කොළ කනකොට ඒවා දිර වන්න. අපේ ඝන සෙන්ටිමීටර් 1450 ලොකු මොළය තුළ පහුගිය අවුරුදු මිලියන 3 තුළ ගෙනාපු මතකය තියෙනවා.

මීට අවුරුදු 2000 කට කලින් ඉඳල අපේ රටට කිව්වෙ සිංහල දීප කියලා. මැද පෙරදිග අරාබි ජාතිකයෝ සෙරන්ඩිබ් කියලා කිව්වෙ සිංහල දීප කියන වචනෙ. සෙයිලාන් කිව්වෙත් සිංහල කියන එක. සෙලාන් වුනේ ඊට පස්සෙ ඒක නිසා. තවත් අන්වර්ත නාමයක් තිබුනා තැප්‍රොබේන් කියලා. ඒක තමයි තම්බපන්ණි වුනේ. ග්‍රීසියෙ අය තම්බපන්ණි කියන එක උච්චාරණය කළේ තැප්‍රොබේන් කියලා. සිංහල භාෂාව කතා කළ නිසා අපේ රටට සිංහල රට කිව්වා.

මතුසම්බන්ධයි.

Comments

Popular Posts